Wednesday, June 17, 2015

Gabbar is Back (2015) |මම සමාවට වෛර කරනවා… [සිංහල උපසිරසි සමඟ]

චිත්‍රපටිය ගැන කියනවනම් අක්ශේ කුමාර් අයියා සමගින් සෘති අක්කා තමා ප්‍රධාන චරිත වලට එක්වන්නේ. කරීනා කපූර් ආරාධිත රංගනයක නිරත වෙනවා. ඒ වගේම IMDB මීටරය 7.5/10 ක් කරකැවිලා තියෙනවා මේකට.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Radha Krishna Jagarlamudi විසින් වන අතර නිෂ්පාදනය සන්ජේ ලීලා බන්සාලි සමග Viacom 18 Motion Pictures විසින් සිදු කරනවා. මංසලේ පලවුන ලිපිය මෙතනින් බලන්න පුළුවන්. ලස්සන සිංදු ටිකක් එහෙමත් තියෙනවා මේකේ කතාව ගැන කියනවා නම් ගබ්බ්ර් කියන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ දුෂ්ඨයෙක්නේ.. ශෝලේ චිත්‍රපටියේ දුෂ්ඨයාගේ නම තමා ඒ විදිහට අද වනතුරැ මේ විදිහට එන්නේ. ඉතින් මේකේ ගබ්බ්ර් කියන්නේ දූෂිත නිලධාරීන්ට දඬුවම් දෙන සාමාන්‍ය පුද්ගලයෙක්. එයා දූෂිත නිලධාරීන්ගේ ලිස්ට් එකක් හදලා එකේ අංක එකේ ඉන්න කෙනාව සති පතා සිකුරාදාට ප්‍රසිද්ධියේ එල්ලලා මරනවා. කිසිම පොලිසියකට මෙයාව අල්ලගන්න තියා කොයි වගේද කියලවත් හොයාගන්න බැරි වෙනවා. එයා ගබ්බර් කියන චරිතය තුල රහසින් ජීවත් වුනාට ඔහුගේ සැබෑ ජීවිතය ආදී නම් මහාචාර්යවරයෙක්. ඉතින් මෙයා මේ ද්විත්ව චරිතය කරන අතරතුරදී මෙයාට සෘති මුණගැහෙනවා. සෘතිට වන පොඩි අනතුරකින් පස්සේ ආදීගේ ජීවිතයේත් යම් කිසි වෙනසක් ඇති වනවා. ඒ එතනදී පරණ කෝන්තරයක් එලියට එනවා.. ඔය ඇතිනේ..?

ඔන්න දෙනවයි කිව්ව වෙලාවටම දුන්නා හරිද..? ලිපිය නම් එච්චර හොඳට  නැතුව ඇති මං හිතන්නේ. අපි එහෙනම් යනවා..අහිංසකයා වෙනුවෙන් යන ගමන් ඔය මොනවහරි කොටගෙන යන්න කියලත් කියන ගමන්, මංසල අද පසුකල කඩයිමට හදවතින්ම සුභ පතමින්, බයිස්කෝප් එකේ මල්ලිලා. නංගිලා, අයියලා, අක්කලා, මාමලා, නැන්දලා හැමෝටම වගේම යන එන ඔබ සැමටම සුභ දවසක් පතමින් ඔන්න එහෙනම් මම යනවා, ජයෙන් ජය!!!! 
http://www.baiscopelk.com/gabbar-is-back-2015-with-sinhala-subtitles/